Friday, April 26, 2024

General line - 0115112241

හදිසියේ වැඩිවූ දූෂිත වායුවෙන් බේරෙන්න මුව ආවරණ පළඳින්නැයි ඉල්ලීමක්




මෙරට වායුගෝලයේ දූලි අංශු ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහා මුව ආවරණ පළදින්නැයි පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

විශේෂයෙන් වයස්ගත පුද්ගලයින්, කුඩා දරුවන්, ගර්භණී මව්වරුන් ඇතුලු අවදානම් කාණ්ඩයේ පසුවන රෝගීන් නිවෙස්වලින් පිටතටයාම හැකිතාක් සීමා කරන ලෙසයි වෛද්‍ය අනිල් ජාසිංහ නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.


“මැන්ඩුවොස්” නම් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ අහිතකර වායු මෙරටට පැමිණ ඇති බවයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ.


වායු තත්ත්වය මාපාංකය බිංදුවේ සිට 50 දක්වා පවතින්නේ නම් අදාළ ප්‍රදේශයේ යහපත් වායු තත්ත්වයක් ලෙසයි සැලකෙන්නේ. මාපාංකය 150 ඉක්මවන්නේ නම් ප්‍රභල අයහපත් වායු දූෂණ තත්ත්වයක් ලෙස සැලකෙනවා. 

බොහෝ ප්‍රදේශවල අද පෙරවරුවේ ඉහළ ගොස් තිබුණු වායු දූෂණ මට්ටම් ප්‍රමාණය මේ වන විට අඩුවී ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ එහි පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි.