Friday, April 19, 2024

General line - 0115112241

මෙරට වායු දූෂණය ගැන අලුත්ම වාර්තාවක්




මෙරට වායුගෝලයේ වායු දූෂණ මට්ටම ක්‍රමයෙන් පහළ යමින් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. මෙලෙස ශ්‍රී ලංකාවේ වායුව  දූෂණය වූයේ ඉන්දියාවේ වායු දූෂණයේ බලපෑම හේතුවෙන්.

ඊයේ දිනයේ නගර රැසක වායු දූෂණ මට්ටම ඉතා ඉහළ අගයක් ගෙන තිබුණ ද අද උදෑසන 09 යි 30 ට නිකුත් කළ නවතම වාර්තාවට අනුව බොහෝ නගරවල තත්ත්වය සාමාන්‍ය අතට පත්වෙමින් තිබෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

කෙසේවෙතත් බදුල්ල නගරයේ තත්ත්වය අවදානම් මට්ටමක පවතින බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.