Friday, April 19, 2024

General line - 0115112241

මැන්ඩවූස් සුළි කුණාටුව නිසා මෙරට කාලගුණයටත් බලපෑම් එල්ල වෙයි




මැන්ඩවූස් සුළි කුණාටුව හේතුවෙන් අද දිනයේ ද දිවයිනේ කාලගුණයට බලපෑම් එල්ල වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂ ශිරෝමනී ජයවර්ධන පැවසුවේ සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළුවීමත් සමග මෙරටට ඇති බලපෑම අඩුවිය හැකි බවයි. 

මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ මෙන්ම ගිණිකොන දිග සහ නිරිත දිග බෙංගාල බොක්ක යන මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ දළ රළු වන බවත්, ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂ ශිරෝමනී ජයවර්ධන පැවසුවා.

සුළඟේ වේගය ද පැයට කිලෝ මීටර් 100 ක් දක්වා වැඩි විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා සිටින්නේ.