Friday, May 17, 2024

General line - 0115112241

සීත කාලගුණයේ අඩුවීමක්




මේ වනවිට දිවයිනේ බෝහෝ ප්‍රදේශවලට බලපා ඇති ශීත කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂ ශිරෝමනී ජයවර්ධන පැවසුවේ මැන්ඩවූස් සුළි කුණාටු තත්ත්වය ද මේවනවිට දිවයිනෙන් බැහැරව ගොස් ඇති බවයි 

මේ අතර ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද උදැසන 08 ට නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ මෙරට වායු ගුණ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති බවයි.

අමෙරිකානු වාය ගුණ තත්ත්ව දර්ශකයට අනුව මෙරට බොහෝ ප්‍රදේශවල වායු ගුණ තත්ත්වය 100 ත් 150 ත් අතර අගටක පවතිනවා.

කෙසේවෙතත් උතුරු, උතුරු මැද, වයඹ, සහ බස්නාහිර පළාත්වල නාගරික ප්‍රදේශවල පවතින කාලගුණික තත්ත්වයන් මත මෙම අගයන් වෙනස් විය හැකි බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද උදැසන 08 ට නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ