Friday, May 17, 2024

General line - 0115112241

පාසල් හෙටත් නිවාඩුද? තීරණය පස්වරුවේ




හෙට දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

හෙට දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අද පස්වරුවේ පැවැත්වෙන අදාළ සාකච්ඡාවෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ඒ බව ප්‍රකාශයට පත් කරනු ඇති බවයි. 

පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉකුත් සිකුරාදා දිනයේ රජයේ සියලු පාසැල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයෙන් කළ විමසීම්වලට අනුව එම තීරණය ගත් බවයි.