Friday, May 17, 2024

General line - 0115112241

සජබය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ගැන සජිත්ගෙන් අනාවරණයක්




සමගි ජනබලවේගය විනාශ කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් මේවනවිට ක්‍රියාත්මක බව එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

“පෙරළියට මඟ කියන කරළියට ගොඩවන්න” තේමාව අනුව අද පස්වරුවේ පැවැති සමගි ජනබලවේගයේ වාර්ෂික සම්මේලනයට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළා.  

සමගි ජනබලවේගයට එරෙහිව කුමන්ත්‍රණ ක්‍රියාත්මක නොකර මැතිවරණයකින් තම පක්ෂය සමග තරග කිරීමට පැමිණෙන ලෙසයි විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.  

මේ අතර එළඹෙන වසර සඳහා ද සමගි ජනබලවේගයේ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තේරී පත්වුණා. එම යෝජනාව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර විසින් මෙලෙස ප්‍රකාශයට පත් කළා.  

මේ අතර එම පක්ෂයේ අනෙකුත් තනතුරු සඳහා වන නිලධාරී මණ්ඩලය ද  මෙහිදී නම් කළ අතර එම යෝජනාව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්. 

“පෙරළියට මඟ කියන කරළියට ගොඩවන්න” තේමාව අනුව සමගි ජනබලවේගයේ වාර්ෂික සම්මේලනය පැවැත්වුණේ බොරැල්ල කැම්බල් පිටියේදීයි. ඒ සඳහා පාක්ෂිකයින් රැසක් එක්ව සිටියා.