Friday, May 17, 2024

General line - 0115112241

වසන්ත මුදලිගේ හෙට දක්වා රිමාන්ඩ්




අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා හෙට දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වසන්ත මුදලිගේ මහතා අද  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය  හමුවට පමුණුවන ලැබුවා.
 
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ විමර්ශනවලින් සියයට 60 ක් පමණ අවසන් වි ඇති බව සඳහන් කළා.
 
අදාල විමර්ශනවලදී සැකකාරි වසන්ත මුදලිගේ ගෙන් ප්‍රකාශ නවයක් පමණ ලබාගෙන ඊට අදාලව තවත් පුද්ගලයින් 1150 කට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන විමර්ශන සිදුකරන බවත් ඔහු සඳහන් කර සිටියා.
 
මෙම සිද්ධියට අදාළ නීතිපතිවරයාගේ උපදෙස් ලබා දීම සඳහා කාලය අවශ්‍ය බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.
 

 ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු හෙට දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කලා.

 
හෙට දින විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කෙරුණා.