Friday, May 17, 2024

General line - 0115112241

නිවාඩු අවලංගු කළත් තැපැල් සේවකයන් වර්ජනයේ




ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් මේ වනවිට සංකේත වැඩවර්ජනක නිරත වනවා.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ දිවයින පුරා තැපැල් කාර්යාලවල සමස්ත සේවකයින් 27,000 ක් පමණ එම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටින බවයි.


සිය ගැටළු සම්බන්ධයෙන් තැපැල්පතිවරයා සමග සාකච්ඡා කළද ඒ සදහා තැපැල්පතිවරයාගෙන් විසදුම් නොලැබීම නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවා.


මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ අද දිනයේ සේවයට වාර්තා නොකරන සේවකයින්ට වැටුප් රහිත නිවාඩු ලබාදෙන බවයි.

එමෙන්ම මේවනවිට රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හමුවේ ඔවුන්ගේ ඉල්ලීම් අසාධාරණ බව ද තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.