Friday, May 17, 2024

General line - 0115112241

විදේශ මුදල් හුවමාරු කිරීමේ ආයතනයක බලපත්‍රය අවලංගු කෙරේ




විදේශ මුදල් හුවමාරු කිරීම සඳහා ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම වෙත ලබා දී ඇති බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
 
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය එම තීරණය ගෙන ඇත්තේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් අදාළ සමාගමට නිකුත් කර තිබූ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුවයි.

ඒ අනුව ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමට, බලය ලත් විදේශ මුදල් හුවමාරු කරන්නෙකු ලෙස විදේශ මුදල් මිලදී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීමට මින් ඉදිරියට අවසර නොමැති බවයි  ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ.