Friday, May 17, 2024

General line - 0115112241

චර්ම සහ අක්ෂි රෝග ඇතිවීමේ අවධානමක් ගැන වෛද්‍යවරුන් අනතුරු අඟවයි




පවතින ශීත කාලගුණය සහ වායු දූෂණ තත්ත්වයත් සමග ඇතැම් රෝගවල වර්ධනයක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර පැවසුවේ පවත්නා තත්ත්වයන් යටතේ චර්ම රෝගවල වර්ධනයක් ඇතිවිය හැකි බවයි.

පාරිසරික වෙනස්වීමේ නවතම තත්ත්වය සහ ඔබේ සෞඛ්‍ය යන තේමාව ඔස්සේ සෞඛ්‍ය කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා. 

පවතින වායු දූෂණයත් සමග අක්ෂි රෝගවල ද වර්ධනයක් ඇතිවිය හැකි බවයි ජාතික අක්ෂි රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුසේන එහිදී කියා සිටියේ.