Friday, May 17, 2024

General line - 0115112241

කොල්ලුපිටියේ රිය අනතුරක් සිදුකර රටින් පළාගිය සැකකරු කටුනායකදී අත්අඩංගුවට

ටී.කේ.ජී.කපිල




කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ රිය අනතුරක් සිදුකර ඩුබායි වෙත පළා ගිය පුද්ගලයා යළි මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළේදී, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකු එම් බී එන් රිසාක් නමැත්තෙක්.                

සැකකරු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා. ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ අදාළ සැකකරු විසින් පැදවූ මෝටර් රථයේ ත්‍රී රෝද රථයක් ගැටීමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත්වුණා.