Friday, May 17, 2024

General line - 0115112241

අන්තරේ කැඳවුම්කරු අධිකරණය හමුවට රැගෙන එයි 




අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යළි රැගෙන විත් තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගතවයි සිටින්නේ..

වසන්ත මුදලිගේට  එරෙහි නඩුවක් අද දහවල් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිත අතර ඊට ඉදිරිපත් කිරීම සඳහා ඔහු බන්ධනාගාර නිලධාරීන් විසින්  අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

වසන්ත මුදලිගේ ඊයේ දින ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු අද දින  තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණා.