Friday, May 17, 2024

General line - 0115112241

හිටපු උප කුලපතිට පහරදුන් පේරාදෙණිය සරසවියේ සිසුන් 10 දෙනෙකු අත්අඩංගුවට




පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 10 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසූවේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකාර සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි. 

ගැටුමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව වැඩි දුරටත් සදඟන් කළා.