Friday, May 17, 2024

General line - 0115112241

අම්පාර සහ මන්නාරම නගර සභා, මහ නගර සභා ලෙස උසස් කෙරේ




අම්පාර සහ මන්නාරම නගර සභා, මහ නගර සභා ලෙස උසස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයායි.

දැනට පවතින යටිතල පහසුකම් හා මානව සම්පත් යොදා ගනිමින් අමතර ප්‍රතිපාදන වැය කිරීමකින් තොරව දිස්ත්‍රික්ක කිහිපයක නගර සභා ලෙස පවතින අග නගර, මහ නගර සභා බවට පත් කිරීමට මීට පෙර ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුවයි අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.