Sunday, May 12, 2024

General line - 0115112241

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට විදෙස්ගත වීමට අවසර




රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම දින 5 ක කාලයක් සදහා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළා.

ඒ, රාජ්‍ය අමාත්‍යවරියගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මෙම නියෝගය නිකුත් කළා.