Sunday, May 12, 2024

General line - 0115112241

මිලියන 60 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට




රුපියල් මිලියන 60 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ, යාපනය, ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදීයි.

එහිදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 181 කට අධික තොගයක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී උර 04 ක අසුරන ලද මෙම කේරළ ගංජා තොගය සොයාගත් බවයි.