Saturday, May 11, 2024

General line - 0115112241

කැස්බෑව අධිකරණයට රැගෙන ආ කොල්ලකරුවන් දෙදෙනෙකු මාංචු පිටින් පලා යයි

බිමල් ශ්‍යාමන්




කැස්බෑව අධිකරණය වෙත හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ආ චුට්ටියා සහ චූටියා නමින් හඳුන්වන කොල්ලකරුවන් දෙදෙනෙකු අත් මාංචු පිටින්ම පලාගොස් ඇතැයි පිලියන්දල පොලිසිය පවසනවා. ඒ, ඔවුන් කැස්බෑව අධිකරණ භූමියේ පොලිස් මුරපොළේ කාමරයක රඳවා සිටියදීයි.

පොලීසිය මගින් ඔවුන් දෙදෙනා අධිකරණයට රැගෙන ඒමෙන් පසු එහි සිටි පොලිස් කොස්තාපල්වරයා රාජකාරි අවශ්‍යතාවයක් සඳහා එම ස්ථානයෙන් පිටත්ව ගිය අවස්ථාවේදී සැකකරුවන් ත්‍රීරෝද රථයක නැඟ පලාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පිළියන්දල නගරයේ විවිධ මුදල් කොල්ලකෑම් සිදු කර ඇති සැකකරුවන් ඉකුත් දා අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්ව කලාව ප්‍රදේශයේ දීයි.

පලාගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් සහ බුද්ධි නිලධාරීන් යොදවා ඇතැයි පොලීසිය පවසනවා.