Sunday, May 12, 2024

General line - 0115112241

අධිකරණ ඇමති සහ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් අතර හමුවක්




අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් එස්.ඊ. ස්චල්ක් අතර හමුවක් අද සිදුවුණා. ඒ, අධිකරණ අමාත්‍යංශයේදීයි.

එහිදී, ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් විධිමත්ව නිදහස් කිරීමට කටයුතු කරන බවත්, මෙරට නීති පද්ධතිය ශක්තිමත් කිරීම සදහා පසුගිය මාස කිහිපය තුළ පනත් 17 ක් සම්මත කර ගෙන ඇති බවත් අමාත්‍යවරයා දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරයා හමුවේ ප්‍රකාශ කළ බවයි අධිකරණ අමාත්‍යංශය පැවසුවේ.

එමෙන්ම ඉදිරි සති කිහිපය තුළ තවත් පනත් කිහිපයක් සම්මත කර ගැනීමට නියමිත බවත්, සත්‍ය සෙවීමේ කොමිසමේ කටයුතු සදහා දකුණු අප්‍රිකානු රජය ලබා දෙන සහයෝගය අගය කරන බවත්, අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.