Saturday, May 11, 2024

General line - 0115112241

වැට් බද්ද බලාත්මක කෙරේ




එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයා ඊයේ දිනයේ සිය සහතිකය සටහන් කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ සිට එකතු කළ අගය මත බදු සංශෝධන පනත බලාත්මක බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම පනත් කෙටුම්පත පසුගිය 09 වැනිදා සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදි සම්මත වුණා. එහිදී පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා පක්ෂව ඡන්ද 82ක් හිමිවූ අතර විරුද්ධව හිමිවුණේ ඡන්ද 41ක් පමණයි.