Saturday, May 11, 2024

General line - 0115112241

ජනපතිගෙන් රාජ්‍ය සේවකයන්ට දැනුම්දීමක්




රාජ්‍ය ආයතන  අතර ගැටුම් ඇති කර නොගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති  දිස්ත්‍රික් සංවර්ධන  කමිටු රැස්වීමට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අදහස් පළ කළා. රාජ්‍ය නිලධාරීන් නීති හා අණපනත්  පලිහයක් කර ගත යුත්තේ ජනතාවට සේවය කිරීමට මිස සමාගම්වලට සේවය කිරීමට නොවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි. 

රටේ ආර්ථික තත්ත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා පිළිබඳව ද ජනාධිපතිවරයා එහිදී අදහස් පළ කළා.