Saturday, May 11, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අවපාතයක බව ජාත්‍යන්තර ආයතනයක් කියයි




ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැඹුරු අවපාතයකට වැටීමේ ඉඩක් ඇතැයි ලෝක ප්‍රකට බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණය කර තිබෙනවා. ඊට හේතුව ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය සහ ආසියාවේ වේගවත්ම උද්ධමනයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් අඩපණ වී ඇති බව පවසමින්.

ආර්ථික විද්‍යාඥයින්ගෙන් සමන්විත බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ සමීක්ෂණයකට අනුව 2022 වසරේ ජුලි සහ සැප්තැම්බර් අතර කාලයේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 10 පමණ හැකිලී තිබෙනවා.

ඒ, 2021 වසරේ එම කාලයට සාපේක්ෂවයි. එය වසර දෙකක කාලය සැසදීමේදී මන්දගාමීම දළ දේශීය නිෂ්පාදිතය බවයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසන්නේ. අප්‍රේල් සිට ජූනි දක්වා කාලය තුළ මෙරට ආර්ථිකය සියයට 8 දශම 4කින් හැකිලිී ඇති බවද එම වෙබ් අඩවියේ වැඩිදුරටත් සදහන්.