Sunday, May 12, 2024

General line - 0115112241

මේ වසරේ තෙවන කාර්තුවේ දී දළ දේශීය නිශ්පාදිතයේ සියයට 11 යි දශම 8ක පහළ යෑමක්




2022 වර්ෂයේ තෙවන කාර්තුවේදී, පෙර වර්ෂයේ තෙවන කාර්තුවට සාපේක්ෂව මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිතය සියයට 11යි දශම 8කින් සංකෝචනය වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, 2022 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට කරමින්.

ඒ අනුව 2022 වසරේ තෙවන කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන හැට හතර ලක්ෂ 17,031ක් ලෙස වාර්තා වී තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දක්වා ඇත්තේ 2022 වර්ෂයේ තෙවන කාර්තුවේදී කෘෂිකාර්මික, කාර්මික සහ සේවා ආර්ථික කටයුතුවල පසුබෑමක් පෙන්නුම් කරන බවයි. 

ඒ අනුව කෘෂිකාර්මික ආර්ථික කටයුතු සියයට 8 යි දශම 7කින් පහළ ගොස් තිබෙනවා. කාර්මික අංශයේ ආර්ථික කටයුතුවල සියයට 21යි දශම 2ක පහළ යෑමක් පෙන්නුම් කරන අතර සේවා ආර්ථික කටයුතුවල සියයට 2යි දශම 6ක පසුබැසීමක්  වාර්තා කර ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.