Tuesday, May 7, 2024

General line - 0115112241

වැස්ස අඩු වුණොත් ලබන වසරේ විදුලි බිල තවත් වැඩි විය හැකි බවට අනතුරු ඇගවීමක්




ලබන වසරේ විදුලි ඒකකයක ජනන වියදම අපේක්ෂිත වියදම ඉක්මවා යාමේ තත්ත්වයක් මතුව ඇතැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක පවසනවා.

ඔහු පැවසුවේ වසර 03 කට පසු දැඩි වියළි කාලගුණයක් ලබන වසරේ අපෙක්ෂා කෙරෙන බැවින් ජල විදුලි උත්පාදනය සැලකිය යුතු මට්ටමකින් අඩුවිය හැකි බවයි.

ඒ අනුව වෙනත් විකල්ප ක්‍රම හරහා වැඩි වශයෙන් විදුලිය උත්පාදනය කිරීමට සිදුවිය හැකි බැවින් විදුලි ගාස්තු ද යළි වැඩිවීමේ වුවද හැකියාවක් ඇති බවයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක වැඩිදුරටත් පෙන්වා දුන්නේ. නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.