Tuesday, May 7, 2024

General line - 0115112241

මෙරට වායු දූෂණ ගැටලුවත් කල් අල්ලන ලකුණු




ශ්‍රී ලංකාවේ වායු දූෂණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එහි පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි පැවසුවේ මෙරට වායු දූෂණ තත්ත්වය පවතින කාලගුණික තත්ත්වය අනුව වරින් වර වෙනස්විය හැකි බවයි.

ඊසානදිග මෝසම් කාලගුණික තත්ත්වය අපෙක්ෂා කරන බැවින් ශ්‍රී ලංකාවේ පැවති වායු මට්ටමට, වායුවේ ගුණාත්මකභාවය වර්ධනය වීමට තවත් කලක් ගතවිය හැකි බව වෛද්‍යවරුන් ද පවසනවා. මේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය රුවන් ජයසූරිය.

පවතින තත්ත්වය හමුවේ ජනතාව වඩාත් සැලකිලිමත්විය යුතු කරුණු මොනවාද ? ඒ සම්බන්ධයෙන් ද වෛද්‍ය රුවන් ජයසූරිය වැඩිදුරටත් කරුණු දැක්වූවා.

ඉන්දියාවේ වායු දූෂණය ඉහළ යාම හමුවේ මෙරට නගර කිහිපයක වායු දූෂණ තත්ත්වය ඉකුත් සතියේ සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගියා.