Sunday, May 12, 2024

General line - 0115112241

උතුරු නැගෙනහිර ඇතුළු පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වර්ධනයක් 




දිවයිනේ උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අද දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළා.