Saturday, May 11, 2024

General line - 0115112241

පොලිස් වෙස් ගෙන කලුතරදී මුදල් කොල්ලයක්




පොලිස් නිළධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙකු සිදු කළ බව කියන මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් කලුතර දකුණ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ, තමන් සතුව තිබූ රුපියල් එක්ලක්ෂ පහස්දහසක මුදලක් කොල්ලකෑ බවට පුද්ගලයෙකු කරන ලද පැමිණිල්ලකට අනුවයි.

කලුතර කටුකුරුන්ද හංදියේ මතුගම බස් නැවතුම්පළ අසලදී යතුරු පැදියකන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් යැයි පවසා තමන් පරීක්ෂා කර, එම මුදල කොල්ලකා පලා ගිය බවටයි අදාළ පුද්ගලයා පොලීසියට පැමිණිලි කර ඇත්තේ. සැකකරුවන් හඳුනාගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කලුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.