Sunday, May 12, 2024

General line - 0115112241

බම්බලපිටියේ නිවසක් බිඳ කෝටි ගණනක දේපළ සොරා ගැනීමේ සිද්ධියක් ගැන පොලිස් විමර්ශන




බම්බලපිටිය ස්කෙල්ටන් පාර ප්‍රදේශයේ නිවසක් බිඳ එහි දේපළ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ නිවසේ තිබී රුපියල් එක්කෝටි එක් ලක්ෂයක මුදලක්, ඇමරිකානු ඩොලර් හයදහසක් සහ රුපියල් මිලියන දහයකට අධික රන් භාණ්ඩ සොරාගෙන ඇති බවටයි අදාළ නිවසේ හිමිකරු පොලීසියට පැමිණිලි කර ඇත්තේ.

රජයේ බලපත්‍ර මත ලබා ගත් පිස්තෝල අවියක් සහ එම පතොරම් 12 ක් සහිත මැගසින් එකක්ද සොරකම් කර ඇති බව අදාළ නිවසේ හිමිකරු පොලීසියට කළ පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.