Sunday, May 12, 2024

General line - 0115112241

පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ හැත්තෑ පස්දෙනෙකු අත්අඩංගුවට




බස්නාහිර පළාතේ පාසල් 122ක් ආශ්‍රිතව විවිධ මත්ද්‍රව්‍ය වර්ග අලෙවි කිරීමට සම්බන්ධව සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී සැකකරුවන් 75 දෙනෙකු පොලීසිය මඟින් අත්අංගුවට ගෙන තිබෙනවා.

ඊයේ මධ්‍යහන 12 සිට පස්වරු 3 දක්වා කාලය තුළ සිදු කෙරුණු මෙහෙයුම්වලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

හෙරෝයින් ග්‍රෑම් 9 යි මිලි ග්‍රෑම් 375ක්, අයිස් ග්‍රෑම් 1යි මිලි ග්‍රෑම් 522 ක්, මාවා කිලෝ 2යි ග්‍රෑම් 148ක් සහ මත්පෙති 10ක් එහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත්තේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් අනුවයි.