Sunday, May 12, 2024

General line - 0115112241

හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයේ වෙනස්කම් ගැන යළි පැහැදිලි කිරීමක්




හෙට පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන පැවසුවේ මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු හා දෙවන ප්‍රශ්න පත්‍ර ලබා දීමේ පිළිවෙළ වෙනස් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සිසුන් අවධානය යොමු කළ යුතු බවයි. 

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සහභාගී වන සිසුන් වෙන වෙනම විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදු කර නොමැති බව ද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළා.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අත්වැලක් වීමට නෙත් එෆ් එම් රේඩියෝව මෙම වසරේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලා 12ක් පවත්වනු ලැබුවා.