Sunday, May 12, 2024

General line - 0115112241

බදු සංශෝධන වලට එරෙහිව වෛද්‍යවරුන් කළු විරෝධතාවකට සැරසෙයි




මෑතකදී සිදු කළ බදු සංශෝධන වලට එරෙහිව පුළුල් වෘත්තීයවේදීන්ගේ පෙරමුණක් නිර්මාණය කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. ඊයේ රැස් වූ එම සංගමයේ හදිසි මධ්‍යම සභා කාරක රැස්වීමේදී අසාධාරණ බදු සංශෝධන වලට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයකට එළඹුන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ.

                                    
උපයන විට ගෙවීම් බද්ද පළමුවරට ක්‍රියාත්මක වන ලබන ජනවාරි මස වැටුප් දිනය කළු විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශ කර විරෝධතා මාලාවක් පැවැත්වීමට ද එහිදී තීරණය වූ බවයි වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.