Tuesday, May 14, 2024

General line - 0115112241

ශ්‍රීලනිප යේ ඉරණම විසඳෙන හැටි අමරවීර කියයි




මැතිවරණයක් කඩිනමින් පවත්වන්නැයි තමන් ද ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එලෙස මැතිවරණයක් පැවැත්වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු බොහෝ පක්ෂවලට මුහුණ පෑමට සිදුවන තත්ත්වය දැකගත හැකි බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. 

සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සහ මන්ත්‍රිවරුන් සිටින්නේ තම කණ්ඩායම සමග බව ද අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළා.