Monday, May 13, 2024

General line - 0115112241

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය නිශ්චිතව ප්‍රකාශ නොකිරීම ගැටලුවක් - සජබය කියයි

පී ටී එස් බණ්ඩාර




පළාත් පාලන මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළ ද මැතිවරණය පවත්වන නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් නොකිරීම ගැටළු සහගත තත්ත්වයක් බව සමගි ජනබලවේගය පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රි මුජුබර් රහුමාන් සඳහන් කළේ කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීමක් බවයි. 

මැතිවරණ කොමිෂන් සභාවේ කටයුතු සඳහා රජය කිසිඳු බලපෑමක් සිදුනොකරන බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ. ගාල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. 

මේ අතර ජාතික ජනබලවේගයේ අත්තනගල්ල ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ තම පක්ෂයට මේවනවිට බොහෝ පිරිස් මඩ ප්‍රචාර එල්ල කරමින් ඇති බවයි.