Monday, May 13, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් - විභාග කොමසාරිස් කියයි




අද උදෑසන ආරම්භ වූ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වූ බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පවසනවා.

විභාග මධ්‍යස්ථාන 2894කදී පැවැත්වෙන මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සිංහල හා දෙමළ මාධ්‍ය දෙකෙන් සිසුන් තුන් ලක්ෂ තිස් හතර දහස් හයසිය අනූ අටක් පෙනී සිටියා. පෙරවරු 09 යි 30ට විභාගය ආරම්භ වූ විභාගය දහවල් 12 යි 15 ට අවසන් වූ අතර මේ වන විට කිසිදු විභාග අක්‍රමිකතාවක් වාර්තා වී නොමැති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පවසන්නේ.

අද පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් කිසියම් හෝ ගැටලුකාරී තත්ත්වයන් වාර්තාවන්නේදැයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේනගෙන් නෙන් නිවුස් විමසීමක් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කළේ ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒ පිළිබඳ කරුණු වාර්තා කරන ලෙස නිළධාරීන්ට උපදෙස් ලබා දුන් බවද  විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන වැඩිදුරටත් සඳහන් කළා.