Wednesday, May 15, 2024

General line - 0115112241

චීනයේ කොවිඩ් ව්‍යාප්තිය නිසා ඉන්දියාව පෙර සුදානමක




චීනයේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් රැල්ල හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි රෝග ආවේක්ෂණ කටයුතු අරඹන ලෙස ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය මන්ෂුක්‌ මන්ද්වියා එරට සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

චීනයේ පවතින කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉන්දියානු රජයේ ඉහළ පෙළේ සාකච්ජාකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා අදහස් පළකර සිටියේ ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සුදානම් වීය යුතු බවයි.

මුලික කරුණු 06ක් පිළිබදව මෙම ඉහළ පෙලේ සාකච්ජාවේදී අවධානය යොමු වී ඇත.

ඒ අනුව ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් හරහා රට තුලට රට තුලට කොවිඩ් ආසාදිතයින් පැමිණීම වැළැක්වීමට පියවර ගැනීම, විදෙස්ගතවන ගුවන් මගීන් සඳහා කොවිඩ් මාර්ගෝපදේශ සකස් කිරීම, රටපුරා කොවිඩ් ආසාදිතයින්ගේ ජෛව සාම්පල් පර්යේෂණ සිදුකිරීම ආදිය ඇතුලත් වෙයි.

විශේෂයෙන් නව අවුරුදු උදාව සහ එළඹෙන නත්තල් උත්සව සමයත් සමග කොවිඩ් ව්‍යාප්තියක් ඇතිවීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාවේ වැඩි අවධානය යොමුවී ඇත.