Tuesday, March 19, 2024

General line - 0115112241

ප්‍රවෘත්ති අංශ ප්‍රධානියාගේ නිවස බිඳ දේපළ සොරාගත් සැකකරු අත්අඩංගුවට (PHOTOS)

සම්පත් කුලරත්න / තුසිත කුමාර 




ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති අංශ ප්‍රධානියාගේ පානදුර පිහිටි නිවස බිද දේපළ සොරාගත් සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කළුතර දිසාවේ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොලගේ සජිත් ෆොන්සේකා හෙවත් පින්වත්තේ දමින්ද යන අන්වර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයෙක්. '

සැකකරු විසින් පසුගිය 19 දා අලුයම පානදුර කෙසෙල්වත්ත පරත්ත ප්‍රදේශයේ පිහිටි එම නිවසට ඇතුල්වී ඇත්තේ පිටුපස ජනේලයෙන් බවයි විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ. සැකකරු එම නිවසින් සොරකම් කර තිබූ රන් වලලු 4 ක්, අත් පළදනාවක්, පෙන්ඩන්ට් 2 ක් සහ ඔහු සතුව තිබූ රුපියල් පනස් දහසක මුදලක්ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. 

සි.සි.ටි.වි. ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂාවෙන් සැකකරු හදුනා ගැණුනේ පානදුර උතුර පොලිසිය විසින්. ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට අලුත්ගම පිහිටි කළුතර දිසාවේ අපරාධ කොට්ඨාසය වෙත  භාර කෙරුණා. ඒ, බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මතයි.

සැකකරුවන් විසින් තවත් නිවාස කිහිපයක් සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් බිද සොරගත් දේපළ කිහිපයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.