Wednesday, May 15, 2024

General line - 0115112241

පාකිස්ථානයේ දරිද්‍රතා අනුපාතය සියයට 35.7කින් ඉහලට




පාකිස්තානයේ දරිද්‍රතා අනුපාතය සියයට 35.7කින් ඉහළ ගොස් ඇති අතර ආහාරයට ගතහැකි ද්‍රව්‍යවල මිල සියයට 20ත් 31ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව පාකිස්ථාන  මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ජාත්‍යන්තර දරිද්‍රතා දර්ශකයේ රටවල් 116ක් අතරින් පාකිස්තානය 92 වැනි ස්ථානයට පත්ව ඇති බව සදහන්.

පසුගිය වසර කිහිපය තුළ උද්ධමනය ආහාර සුරක්ෂිතතාවයට දැඩි ලෙස බලපා ඇති බැවින් උද්ධමනය පාලනය කිරීම සඳහා පාකිස්තානය ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි ආර්ථික විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ.

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, ඇෆ්ගනිස්තානය සමඟ වන ගැටුම් සහ කාලගුණික විපර්යාස නිසා පාකිස්තානයේ ආහාර සුරක්ෂිතතාවට දැනටමත් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ඉහළ යන උද්ධමනය එය වඩාත් නරක තත්වයට පත්කර ඇති අතර  එය ජනතාවගේ ආහාර ඇතුළු මූලික පහසුකම් අහිමි කර ඇති බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.