Sunday, May 12, 2024

General line - 0115112241

යළි මාස්ක් දමන්න - ඉන්දියාව රටවැසියන්ට කියයි




ප්‍රසිද්ධ ස්ථානවල හැසිරීමේදී යළි මුව ආවරණ පළදින්නැයි ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් එරට ජනතාවට දැනුම්දී තිබෙනවා. ඒ, චීනයේ යළි හිස ඔසවමින් ඇති කොවිඩ් තත්ත්වය හේතුවෙන්.

ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ දුරස්ථබාවය ආරක්ෂා කිරීම ඇතුළු කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීමේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසයි. එමෙන්ම එන්නත් ලබා ගන්නා ලෙසටත් බූස්ටර් මාත්‍රා ලබා ගන්නා ලෙසටත් එරට සෞඛ්‍ය බලධාරීන් ඉන්දීය ජනතාවට දැනුම් දී තිබෙනවා.

කොවිඩ් තත්ත්වය පාලනය වීමත් සමඟ අනිවාර්යෙන් මුව ආවරණ පැළදීම ඇතුළු සෞඛ්‍ය රීති මේ වසර මුලදී ලිහිල් කිරීමට ඉන්දියාව කටයුතු කළා.

කෙසේ වෙතත් චීන කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් රට තුළ අහඹු පරීක්ෂණ සිදු කිරීඹ වේගවත් කිරීමටයි එරට බලධාරීන් තීරණය කර ඇත්තේ. ඔමික්‍රෝන් උප ප්‍රභේදයක් වන BF සෙවන් නමැති මෙම කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයින් 4 දෙනෙකු මේ වන විටත් ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙනවා. 

පවතින තත්ත්වය සලකා ගුවන් තොටුපළ වලදී විදේශිකයන් අහඹු කොවිඩ් පරීක්ෂණවලට ලක් කිරීමටයි ඉන්දියාව දැන තීරණය කර ඇත්තේ.