Friday, May 17, 2024

General line - 0115112241

ඇෆ්ගන් කාන්තාවන්ට රැකියා තහනම්




ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට තලෙයිබාන් සංවිධානය විසින් තවත් තහනමක් පනවා තිබෙනවා.

ඒ, එරට ස්ථාපිත දේශීය සහ විදේශීය රාජ්‍ය නොවන සංවිධානවල රැකියාවල නිරතවීම තහනම් කරමින්.

ඒ අනුව අදාළ ආයතන වෙත ලිපි යොමු කරමින් තලේබාන් රජයේ ආර්ථික අමාත්‍යවරයා දන්වා ඇත්තේ කාන්තාවන් සේවයට කැඳවීමෙන් වළකින ලෙසයි.

එම නියෝග කඩකරන ආයතන රට තුළ තහනම් කරන බවද තලෙයිබාන් රජය දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. අදාළ තහනම පැනවීමට තිරණය කළේ කාන්තාවන් ඉස්ලාම් නීතිය උල්ලංගණය කරමින් ඇඳම් පැළඳුම් භාවිත කිරීම හේතුවෙන් බව ද තලෙයිබාන් රජය පවසනවා.


කෙසේවෙතත් ඇෆ්ගනිස්තානයේ ස්ථාපිත එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනවල සේවය කරන කාන්තාවන්ට මෙම නියෝගය බලපැවැත්වෙන්නේ ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තලෙයිබාන් රජය මෙම තීරණය ගෙන ඇත්තේ ඔවුන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරන බවට ජාත්‍යන්තරයෙන් දැඩි චෝදනා එල්ල වෙමින් ඇති පසුබිමක් තුළයි.

තලෙයිබාන් රජය විසින් ඉකුත් දා ඇෆ්ගනිස්තානයේ ගැහැණු දරුවන් විශ්ව විද්‍යාල අධ්‍යාපන ලැබීම ද තහනම් කළා.