Friday, May 17, 2024

General line - 0115112241

ප්‍රදේශ රැසක ජලාශ උපරිම ධාරිතා මට්ටමට පැමිණේ




පවතින වැසි සහිත කාලගුණයත් සමග ප්‍රදේශ රැසක ජලාශවල ජල මට්ටම් මේවනවිට උපරිම ධාරිතාව දක්වා පැමිණෙමින් තිබෙනවා.

යාන් ඔය ජලාශය මේවනවිට වාන් දැමීම ආරම්භ කර ඇති අතර රාජාංගනය ජලාශයේ වාන් දොරටු 02 ක් මේවනවිට විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන සඳහන් කළේ. 


දැදුරු ඔය ජලාශයේ ද වාන් දොරටු 06 ක් අඩි 03 බැගින් විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන සඳහන් කළේ.

එබැවින් පහත් බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි මෙහිදී සඳහන් කෙරුණේ. 


මේ අතර පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 4 ක් අඩි 04 බැගින් විවෘත කර තිබෙනවා.

එබැවින් මහවැලි ගගේ පහත් බිම්වල වෙසෙන ජනතාව මේ සම්බන්ධයෙන් දැඩිව අවධානයෙන් පසුවිය යුතු බවයි ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන සඳහන් කළේ.

එමෙන්ම වව්නියාව දිස්ත්‍රික්කයේ පිහිටි යෝධ වැව ද මේවනවිට වාන් දැමීම ආරම්භ කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.