Friday, May 17, 2024

General line - 0115112241

ප්‍රදේශ රැසකට තවදුරටත් මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි




දිවයින පුරා ප්‍රදේශ රැසකට තවදුරටත් මිලිමීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අනාවැකිකරණ අංශයේ  අධ්‍යක්‍ෂ ශිරෝමණී ජයවර්ධන නෙත් නිවුස් වෙත පැවසුවේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුළු වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් තිබීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.