Friday, May 17, 2024

General line - 0115112241

ජලය බැස ගිය මහනුවර දුම්රිය ස්ථානය පිරිසිදු කිරීම අරඹයි




ඇදහැලුනු අධික වැසි හේතුවෙන් ජලයෙන් යටවුනු මහනුවර දුම්රිය ස්ථානයේ මේවනවිට ජලය බැස ගොස් තිබෙනවා.

ඒ අනුව දුම්රිය ස්ථානය පිරිසිදු කිරීමේ කටයුතු මේවනවිට ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර ඇදහැලුනු අධික වැසි හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක මාර්ග රැසක් ජලයෙන් යටවී තිබුණා.

බොහෝ ප්‍රදේශවල ජලය මේවනවිට බැස ගොස් ඇති බව ද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.