Friday, May 17, 2024

General line - 0115112241

දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් නුවරඑළිය සංචාරකයින්ගෙන් පිරී යයි




නත්තල් උත්සවය යෙදී ඇති දීර්ඝ සති අන්තයේ සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළිය ප්‍රදේශයට පැමිණ ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පවසනවා.

දින කිහිපයක සිටම නුවරඑළිය මහ නගර සභා සීමාවේ පිහිටි සියලු සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන දේශීය සංචාරකයින් විසින් වෙන් කර ගෙන ඇති බවයි නුවරඑළිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය පැවසුවේ.

මෙම සංචාරකයින් සඳහා නුවරඑළිය මහ නගර සභාව විසින් සියලු පහසුකම සලසා ඇති බවයි නුවරඑළිය මහ නගර සභාව සඳහන් කළේ.

මේ අතර පොලීසිය විසින් සංචාරකයින් රැගත් වාහන පරීක්ෂා කිරීම ද සිදුකරන බව නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.