Friday, May 17, 2024

General line - 0115112241

කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට




විදේශීය රටක සිට ගුවන් තැපැල් මගින් මෙරටට එවන ලද කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්යය බලකායේ මූලස්ථාන කඳවුරේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදීයි.

සෙල්ලම් බඩු සහිත පාර්සල්වල සූක්ෂම ලෙස අසුරා මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ගෙන්වා ඇති බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

රේගු නිලධාරීන්ගේ ද සහය ඇතිව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී සිදුකළ පරීක්ෂාවකදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 යි ග්‍රෑම් 367 ක් සොයා ගෙන ඇති අතර ඒවා රැගෙන යාමට පැමිණි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.