Friday, May 17, 2024

General line - 0115112241

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 08 ම විවෘත වෙයි - පුත්තලම සහ හලාවත ජනතාවට අනතුරු ඇගවීම්




පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 08 ම විවෘත කර ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල කළමනාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන සඳහන් කළේ මෙම තත්ත්වය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ පහළ ප්‍රදේශ සහ මාර්ග ගංවතුරට ලක්වීමේ දැඩි අවදානමක් ඇති බවයි. 


මේ අතර දිවයිනේ ප්‍රධාන ජලාශ 15 ක පමණ ජල මට්ටම උපරිම ධාරිතාවට පැමිණ ඇති බව ද  වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන සඳහන් කළා.