Friday, May 17, 2024

General line - 0115112241

අයහපත් කාලගුණයෙන් උඩරට මාර්ගයේ දුම්රිය 03 ක් නවතී




අයහපත් කාලගුණය හේතුවෙන් අද රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය 02 ක් සහ විශේෂ දුම්රියක් අවලංගු කර තිබෙනවා.

ඒ අනුව අද රාත්‍රී කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය සහ අද රාත්‍රි 07 යි 30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ විශේෂ දුම්රිය අවලංගු කිරීමටයි දුම්රිය බලධාරීන් පියවර ගෙන ඇත්තේ. 


කෙසේවෙතත් මහනුවර බලා ධාවනය වන සියලු දුම්රිය අද පස්වරුවේ ධාවනය කිරීමට පියවර ගත් බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න සඳහන් කළේ. එමෙන්ම අද දිනයේ අවලංගු කෙරුණු සියලු දුම්රිය හෙට දිනයේ සිට යළි ධාවනයට එක්කිරීමට බලාපොරොත්තු වන බව ද දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න වැඩිදුරටත් සඳහන් කළා.