Friday, May 17, 2024

General line - 0115112241

බැංකු පොළිය වැඩිවීමෙන් ව්‍යාපාරිකයින් ව්‍යාපාර අතහැරීමේ අවදානමක්




මේ වන විට පවතින ඉහළ බැංකු පොලී අනුපාතය හේතුවෙන් බොහෝ ව්‍යාපාරිකයින් සිය ව්‍යාපාර වලින් ඉවත් වීමේ අවදානමක් මතුව ඇති බව ආර්ථික විශේෂඥයින් පවසනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කළේ සිදු කළ යුත්තේ මහ බැංකුව විසින් ක්‍රමයෙන් පොලී අනුපාතය පහළ දමා ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීම බවයි.


පවතින ඉහළ උද්ධමනය හේතුවෙන් මෙලෙස බැංකු පොලී අනුපාතය ඉහළ ගොස් ඇති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ සඳහන් කළේ.

කෙසේවෙතත් මෙලෙස උද්ධමනය සහ බැංකු පොලී අනුපාතය ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රජයේ වියදම තවමත් ඉතාමත් ඉහළ අගයක පැවතීම බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් පැවසුවේ.