Friday, May 17, 2024

General line - 0115112241

පුංචි ඡන්දයට අපේක්ෂකයින් තේරීමේ නිර්ණායක ප්‍රසිද්ධ කරන්නැයි ඉල්ලීමක්




එළඹෙන පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් තෝරා ගැනීමේදී පක්ෂ නියෝජිතයින් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා.

එහි කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ සුදුසු පුද්ගලයින් මැතිවරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් පක්ෂ කොතෙකුත් ප්‍රබල වුවද ඉදිරිපත් වන අපේක්ෂකයින් පරාජයට පත්වනු ඇති බවයි.

එමෙන්ම සියලු දේශපාලන පක්ෂ අපේක්ෂකයින් තෝරා ගැනීමේදී සලකා බලනු ලබන නිර්ණායක ප්‍රසිද්ධියට පත් කළ යුතු බව ද මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළා. 


රජයේ ආදායම් සොයා ගැනීම සඳහා ජනතාව මත බදු බර පැටවුවද, වියදම් අඩුකිරීමට රජය යම් කිසි කැපකිරීමක් නොකරන්නේ නම් බදු පැනවීමෙන් කිසිඳු පලක් නොවන බවයි මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.