Friday, May 17, 2024

General line - 0115112241

ලබන අප්‍රේල් මස සිට ගෘහ සේවයට යන කාන්තාවන්ට පුහුණු සහතිකය අනිවාර්යය කරයි




ගෘහ සේවිකාවන් ලෙස විදෙස් ගත වන සියලුදෙනා වෙත ලබන වසරේ අප්‍රේල් මස 01 වනදායින් පසු වෘත්තීය පුහුණු සහතික අනිවාර්යය බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා සඳහන් කළේ ගෘහාශ්‍රිත රැකියා සඳහා පළමුවරට විදෙස් ගත වන්නේ නම් NVQ 03 වන අදියරේ සහතිකය අනිවාර්යය වන බවයි. 


සාත්තු සේවය සඳහා විදෙස්ගත වන ශ්‍රමිකයින් සඳහා ද NVQ 03 වන අදියරේ පාඨමාලාවක් මේවනවිට ක්‍රියාත්මක වන බවයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා වැඩිදුරටත් සඳහන් කළේ.