Friday, May 17, 2024

General line - 0115112241

කලාවැවේ හදිසි වාන් දොරටු දෙක විවෘත කරයි




පවතින වර්ෂාවත් සමග ඊයේ රාත්‍රියේ සිට කලාවැවේ හදිසි වාන් දොරටු විවෘත කර තිබෙනවා.  

මේ හේතුවෙන් කලාවැව අවුකන මාර්ගයද ජලයෙන් යටවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

 
ඊයේ රාත්‍රියේ සිට කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩිය බැගින් විවෘත කිරීමටයි  කලාවැව කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය කටයුතු කර ඇත්තේ.

මෙලෙස හදිසියේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් කලා ඔයට මුදා හැරෙන ජල පරිමානය තත්පරයට ඝන අඩි 1012ක්.

අද උදෑසන වනවිට කලාවැවේ ජලමට්ටම අක්කර අඩි 86653ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.