Friday, May 17, 2024

General line - 0115112241

පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ තිදෙනෙක් අත්අඩංගුවට




පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයින් තිදෙනෙකු වත්තල හැදල හංදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඇළ කන්ද මාර්ගයේ සිට කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයට පිවිසෙමින් සිටියදී රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු විසින් එම රථය නවත්වා පරීක්ෂාවට ලක් කිරීමට උත්සහ කර තිබෙනවා.

එම අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ රියදුරු සහ එහි සිටි තවත් දෙදෙනෙකු බීමත්ව සිට ඇති බැවින් රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය උත්සහ කර තිබෙනවා.

එම අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයින් දෙදෙනා පොලිස් නිළධාරීන් දෙදෙනාට පහර දී ත්‍රීරෝද රථයෙන් පලා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් අදාළ නිළධාරීන් දෙදෙනා වත්තල පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් අනතුරුව තවත් පොලිස් නිළධාරීන් කණ්ඩායමක් විසින් ත්‍රීරෝද රථය සහ මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් වයස අවුරුදු 25 , 29 සහ 30 යන වයස් කාණ්ඩ වල පසුවන වත්තල මාබෝල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශන කාර්යාලය සඳහන් කළේ.